තුර්කියේ ඊසාන දිග සිර්ට් ප්‍රදේශයේදි සෙනසුරාදා හමුදා හෙළිකොප්ටරයක් කඩා
වැටීමෙන් භටයෝ 17 දෙනෙක් මිය ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති .තද වර්ෂාව සහ
මීදුමෙන් යුත් අයහපත් කාලගුණය එම අනතුරට හේතුව බව ප්‍රාදේශීය ආණ්ඩුකාර
අහමට් අයිඩින් පවසයි.මෙම හෙළිකොප්ටරයේ කුර්දි කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල
කිරිමට හමුදා භටයන් රැගෙන ගොස් ඇත
.මේ ප්‍රදේශයේ තුර්කි හමුදාව සහ කුර්දි කැරලිකරුවන් අතර දින තුනක පටන්
ගැටුම් පවතින බව ආරක්ෂක බලධාරීහු පවසති .
පසුගිය මාසයේදීත් මෙවැනි සිකොස්කයි හෙළිකොප්ටරයක් විදුලි රැහැනක පැටලී
අනතුරක් සිදු විය .
මේ ප්‍රදේශයේ කුර්දි ජාතිකයන් ස්වයංපාලනයක් උදෙසා 1984 සිට සටන් වැද සිටි
.මෙම ගැටුම්වලින් කුර්දි බහුතරයක් ඇතුළු 45 000 ක් පමණ මියගොස් ඇතැයි වාර්තා
වේ .

No comments:
Post a Comment