Tuesday, November 13, 2012

ඩෙංගු මදුරුවන්ගේ ආයුෂ දික්වෙයි

                       ඔක්තෝම්බර් මාසයේ අවසාන සමයේ හා නොවැම්බර් මුල් සතියේ  ඩෙංගු මර්දනය සඳහා  ගුවනින් බී.ටී.අයි බැක්ටීරියා‍ව ඉසීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබූ තීරණය කල් දමා ඇත.
                         මේ දිනවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් බැක්ටීරියා ඉසීම පමා කරන්නැයි වසංගත රෝග විශේෂඥ කළ ඉල්ලීමක් අනුව අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත. බැක්ටීරියාව ඉසීමෙන් පසු වර්ෂාව ඇද හැලුනහොත් ඒවා සෝදා ගෙන යන බැවන් නිසි ප්‍රථිපල ළඟා කර ගත නොහැකි වන බව විශේෂඥවරු පෙන්වා දී ඇත.
                           රුපියල් කෝටි 130 ක් වැය කර කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව මෙරටට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර මේ වන විටත් බැක්ටීරියා කොටස් ‍දිවයිනට ගෙනවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී.

No comments: