Saturday, November 17, 2012

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තවත් පස් කන්දක් කඩාවැටේ

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ, නානුඔය නුවරඑළිය අතර බංගලාහත ප්‍රදේශයට අද (17) උදේ තවත් දැවැන්ත පස් කන්දක් කඩා වැටී ඇත. ඊයේ (16) උදෑසන ද මෙම ස්ථානයට විශාල පස් කන්දක් සමග දැවැන්ත ගලක් වැටී තිබූ අතර පැය ගණනක් තිස්සේ කළ මෙහෙයුමකින් පසු කළුගල පුපුරවා පාරෙන් ඉවතට පෙරලා පස් කන්ද ඉවත් කර තිබේ. මෙසේ මෙම ස්ථානයට පස් කඳු සහ ගල් පෙරලෙන්නේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේ කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් තිබියදී ඇද හැලෙන ධාරානිපාතා වර්ෂාවට මාර්ගය දෙපැත්තේ ඉහළ තිබෙන පස් කඳු සහ ගල් බුරුලු වීම නිසා බව නානුඔය පොලිසිය කියයි. අද උදෑසන කඩා වැටුණ පස් කන්දත් සමග මාර්ගය මුළුමනින්ම වැසී ගොස් ඇති අතර නානුඔය පොලිසිය කියන්නේ මාර්ගය යථා තත්ත්වයට පත් කරන්නට පැය 3-4ක කාලයක් ගතවන බවයි. එබැවින් විකල්ප මාර්ග ලෙස තලවකැලේ ,බූන්දලුඔය, තවලම්තැන්න හරහා නුවරඑළියට ගමන් ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

No comments: