හැටන් ෆොමයිඩ් හරහා ඩයගම මාර්ගයේ ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් ෆෝඩයිස්ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරළීමත් සමඟ එහි ගමන් ගත් මගීන් විසිපහක් (25) පමණ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරන ලදී.
මෙසේ
තුවාල ලැබූ මගීන් ගෙන් කිහිපදෙනෙකුට එතරම් බරපතල තුවාල නොමැති බවත් බරපතල
තත්වයේ පසුවන රෝගීන් තුන්දෙනෙකු නාවලපිටිය රෝහලට මාරුකර යැවීමට පියවර ගත්
බවත් දික්ඔය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පවසන ලදී. මෙම අනතුර පිළිබඳ හැටන් නොර්වුඩ් පොලිසිය මඟින් පරික්ෂණ ආරම්භ කර ඇත.

No comments:
Post a Comment