Monday, November 19, 2012

ගෑස් මිල නංවන්න ඉල්ලයි

ගෑස් මිල ඉහළ දැමීමට අදාළව ගෑස් සමාගම්වලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහෙත් අදාළ සමාගම්වලට මිල ඉහළ දැමීමට මතෛක් අවසර දී නැතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ගෑස් මිල සම්බන්ධයෙන් මෑතකාලීනව ලෝක වෙළෙඳපළේ වූ මිල උච්ඡාවචනයන් පිළිබඳ නිරීක්ෂණය කිරීමට ද පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ. අනතුරුව මෙම ඉල්ලීම් පිළිබඳ සලකා බැලීම සඳහා මිල කමිටුව රැස්කිරීමටද නියමිතය.

No comments: