වෙඩි තැබූ අය “රත්නායකට මම වෙඩි තිබ්බා” යැයි පවසමින් කෲ කැබ් රථයේ නැගී ගිය බවද අසල්වැසියෝ කියති.
පොලිස් පරීක්ෂකවරයා සහ අසල්වැසියකු අතර, කාලයක් තිස්සේ ඉඩම් ආරවුලක් තිබි ඇති අතර, වෙඩි තැබිමට හේතුවී ඇත්තේද එම ඉඩම් ආරවුල මත වූ බහින් බස් වීමක් බවද හෙළි වී තිබේ.
වෙඩි ප්‍රහාරය එල්ල කළ තැනැත්තියද රත්නපුර මහ රෝහලේ වාට්ටු අංක 10 ප්‍රතිකාර ලබන බව රත්නපුර පොලීසිය පවසයි.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඊයේ (18) රත්නපුර කහවත්ත ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතව තිබූ අතර, පොලිස්පතිවරයා රත්නපුරයට පැමිණෙන දිනකම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඝාතනයට ලක්වීම අවාසනාවන්ත සිදුවීමක් බව ජනතාව පවසති.
සබරගමුව ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති ලලිත් ජයසිංහ, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත රත්නපුර පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසෝම රත්නායක මහතා තිදරු පියෙකි. දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය ආර්.එම්.ඒ.එස්. මධුෂානි (24)ය. දෙවැනි දියණිය ආර්.ඒ.එම්.ඒ.එස්. සුදානි (18)ය. පුතණුවන් ආර්.එම්. චතුර ශ්‍රී නාත් (17)ය.
මියගිය ඉන්ද්‍රසෝම රත්නායක මහතාගේ බිරිඳ ජානකී අනුරුද්ධිකා ජයවර්ධන (48)ය. ඉන්ද්‍රසෝම රත්නායක මහතා පොලිස් සේවයට එක් වූයේ 1985 ජනවාරි 24 දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසිනි. වසර 27ක සේවා කාලය තුළ ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජකාරි කර ඇති අතර, කාන්තන්කුඩි වෙල්ලාවලි, අම්පාර, මධ්‍යම කඳවුර කිරිඇල්ල, කලවාන මොණරාගල, මුලතිව් යන පොලිස් ස්ථානවල ස්ථානාධිපති වශයෙන් සේවය කර ඇති අතර, 2011/01/22 සිට මියයන තෙක් රත්නපුර මූලස්ථාන පොලීසියේ සේවාස්ථ පුහුණු ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.
රත්නායක මහතාට වෙඩි තැබූ ස්ථානයේදී අපට මුණගැසුණු අමිල ප්‍රදීප් මෙසේ පැවැසීය.
“මම වැඩ කර කර හිටියේ. එක පාරට ශබ්ද්ධයක් ඇහුණා. මට හිතුනා වෙඩි හඬක් කියලා. ශබ්දය ඇහුණු පැත්ත බලන විට රත්නායක මහත්තයා වැටිලා හිටියා. අපි ඉක්මනට කෑගහලා එයාව ත්‍රිරෝද රථයක නග්ගලා රෝහලට යැව්වා.” එහි සිටි එච්.එච්.එම්. හේරත් මහතා “මම මූණ හෝදලා එනකොට වෙඩි සද්දයක් ඇහුණා. ඇවිත් බලන විට නිල් පාට කැබ් එකක් ගියා. ඒකේ හිටපු කෙනා ඔළුව දාලා කිව්වා “මම රත්නායකට වෙඩි තිබ්බා” කියලා. ඒ වෙලාවේ රත්නායක මහත්තයාගේ නෝනත්, පුතත් එතනට ආවා. දෙදෙනාටම සිහි නැතිව වැටුණා” යැයි පැවැසීය. මෙම සිද්ධිය හේතුවෙන් සිහිසුන් වූ රත්නායක මහතාගේ පුත් චතුර ශ්‍රීනාත් රෝහල්ගත කර තිබිණි.
සිද්ධිය වූ ස්ථානයට රත්නපුර පොලිස් අධිකාරී නන්දරත්න මහතා පැමිණ සිටි අතර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අමරසිරි මහතාගේ මූලිකත්වයෙන් උප පොලිස් පරීක්ෂක කමලසිරි පෙරේරා, උ.පො.ප. මනෝජ් ආරියරත්න ඇතුළු කණ්ඩායම පරීක්ෂණ මෙහෙයවමින් සිටියේය.
ඊයේ සවස්භාගය වනතෙක් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කෙරෙමින් පැවැති අතර, දේහය ඇලපාත ගඟුල්විටියේ “ගමගෙදර” නිවසට ගෙන ඒමට නියමිතව තිබුණි.

No comments:
Post a Comment