බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ළමා අපචාරයක් සිදු කළ බවට අසත්‍ය
පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් සුප්‍රකට බි බී සී
මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ ඉල්ලා අස්වි ඇත .ඒ හෙතුවෙන් එම
ආයතනය අර්බුදයකට ලක්වි ඇතැයි සඳහන් වේ.
අධ්‍යක්ෂ ජෙනරාල් ජෝර්ජ්
එන්ටිවිස්ටිල්ට එම ධූරයේ සේවය කිරිමට අවස්ථාව ලැබි ඇත්තේ මාස දෙකක් පමණ කෙටි
කාලයකි. කෙටි කාලයක් තුළ වුවත් ප්‍රවිණ මාධ්‍ය ආයතනයක සේවය කිරීමට ලැබිම
සම්බන්ධයෙන් තමා ආඩම්බරයට පත්වන බව 50 හැවිරිදි එන්ටිවිස්ටිල් පවසා ඇත .
නිවුස්නයිට් වැඩසටහන යටතේ ප්‍රචාරය වු
මෙම පුවත ප්‍රචාරය කිරීමට පෙර තමා නුදුටු බව පවසන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා
ආයතනය සිදු කර ඇති මෙම වරද පිළිගෙන ඉල්ලා අස්විම ගෞරවාන්විත තීරණයක් ලෙස
සලකන බව පවසා තිබේ. ඔහුගේ ඉල්ලා අස්විම පිළිගත් බිබීසී සභාපති ප්‍රකාශ කර ඇත්තේ
එය තමාගේ රාජකාරි ජීවිතයේ මුහුණ දුන් ඉතාම දුක් මුසු අවස්ථාවලින් එකක් බවයි .

No comments:
Post a Comment