Tuesday, November 6, 2012

දැරියක් කෙළෙසූ චීවරධාරියා අල්ලයි….

රංසෑගොඩ ප්‍රදේශයේ බාල වයස්කාර පාසල් දැරියක් දූෂණය කළ චීවරධාරි විදුහල්පතිවරයෙක් එම අපරාධයෙන් පසු සිවුරු හැර වෙනත් නමකින් වෙනත් පාසලක සේවය කරමින් සිටියදී කඹුරුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඕනෑම ‍කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එන්.ජී. ප්‍රියදර්ශනී මෙ‍නවියගෙන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්තුමිය සැකකරු මෙමස 15 වැනිදා දක්වා රිමාණ්ඩ් භාර‍යේ තබන ලෙස නියෝග ක‍ළාය.
රංසෑගොඩ දඬු අකුල ප්‍රදේශයේ කණිටු විදුහලක චීවරධාරි විදුහල්පතිවරයකු වශයෙන් සේවය කරමින් මෙම සැකකරුවා විදුහල්පති කාමරය තුළ දී 13 හැවිරිදි පාසල් සිසුවියක් අපහරණයට ලක් කොට ස්ත්‍රි දූෂණයක් කරන ලදැයි චෝදනා ලබා ති‍බේ.

No comments: