Sunday, November 4, 2012
ගාල්ල, පෝද්දල ඝාතනයේ සැකකරුවන් අත් අඩංගුවට
ඝාතනයට ලක්වූ පුද්ගලයින් සිව් දෙනෙකුගේ මළ සිරුරු අද උදෑසන පොලිසිය විසින් ගාල්ල, පෝද්දල ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයන් හතරදෙනා අත්පා ගැට ගසා මුහුණු ආවරණය කර වෙඩි තබා ඇති බවට සැකකළ හැකි බව වාර්තා වෙයි.
මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයින් සිව්දෙනා මීට සති දෙකකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේදී කපා කොටා ඝතනය කළ පුද්ගලයාගේ මරණයට සම්බන්ධ පුද්ගලයින් බව කරුණු අනාවරණය කරගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ පෝද්දල පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.
මෙම මීනිමැරුමට අදාලව අද සවස සැකකරුවන් 4 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රශාන්ත ජයකොඩි මහතා පවසා සිටී
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment