Sunday, November 4, 2012

ප්‍රජා අයිතිය ඉල්ලා ෆොන්සේකා උසාවි යයි.........

තමන්ට ප්‍රජා අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා හිටපු හමුදාපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්
‌ ගොනුකිරීමට තීරණය කර ඇත.

අහිමිවූ ප්‍රජා අයිතිය වෙනුවෙන් සාධාරණ සටනක්‌ කරන බව පැවැසූ සරත් ෆොන්සේකා මහතා ඊට අවශ්‍ය පිඹුරුපත් මේ දිනවල සකස්‌ කරමින් සිටින බව ද ප්‍රකාශ කළේය.

යුක්‌තිය ඉල්ලා මේ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යැම බොරදියේ මාලු බෑමක්‌ නොවන බව ද කී ෆොන්සේකා මහතා අධිකරණය හමුවේ පමණක්‌ නොව ජාත්‍යන්තර සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේද තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ හඬ නඟන බව සරත් ෆොන්සේකා මහතා පැවැසුවේය.

No comments: