Saturday, November 17, 2012
ආරුමුගම් තොණ්ඩමාන්ගේ නිවස අසලට ගල් පෙරලෙයි
කොත්මලේ රම්බොඩ කොරළේ රම්බඩ ග්‍රාමසේවක
වසමේ වේවැන්ඩන් වත්තේ අක්කර පනහ කොටසට ඉහළින් පිහිටි විශාල කන්දක් මේ වනවිට
නාය යමින් තිබේ. අඩි දහසකට වඩා උඩ සිට දැවැන්ත කළුගල්පහළට පෙරළී ගෙන
පැමිණේ. ආරුමුගම් කොණ්ඩමාන් මහතාගේ නිවස පිහිටා ඇත්තේද මෙම කන්ද පාමුල
පිහිටි තැනිතලා කොටසකය. දින කිහිපයක සිට කඳු මුදුනේ තිබෙන දැවැන්ත ගල් ගැල
වී පහළට වැටෙමින් තිබේ. ඒවා පෙරළී ගොස් තැනිතලා කොටසේ රැඳෙන අතර , කොයි
මොහොතක හෝ ඉහළින් එන ගල් වැදීමෙන් තොණ්ඩමාන් මහතාගේ නිවසට ද හානි සිදුවිය
හැකි අනතුරක් පවතී. කඳු පාමුල ලයින් කාමරවල ජීවත් වූ පවුල් 35ක් පමණ එම
ස්ථානයෙන් ඉවත් කර වේවැන්ඩන් වත්තේ ප්රනජා ශාලාවේ නැවතීමේ පහසුකම් සලසා දී
ඇත. කොත්මලේ ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය මෙම
අවතැන් වූවන් සඳහා වියළි ආහාර සහ වෙනත් පහසුකම් ලබා දීමට පියවර ගෙන
තිබේ.කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති ලක්දාස් අබේගුණසේකර මහතා ද සිය
නිලධාරින් කැටුව මෙම ස්ථානයට වරින්වර පැමිණ ආරක්ෂාව සලසා දෙමින් සිටී.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment