Saturday, November 17, 2012
කහවත්ත ඝාතන තැත සිද්ධියේ කටඋත්තර දුන් අයෙක් වස බොයි
කහවත්තේ,
දිඹුල්වල දී ඉකුත්දා අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කරන්නට තැත් කළ
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගෙන කට උත්තර ලබා ගෙන මුදාහැර සිටි
පුද්ගලයන් හතර දෙනාගෙන් එක් අයෙකු අද (17) උදේ වස පානය කර අසාධ්‍ය
තත්ත්වයෙන් යුතුව කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළේය. වස පානය කරන්නට හේතුව
කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ඉකුත්දා දිඹුල්වලදී නිදා සිටි අඹුසැමි
යුවළක් මරා දමන්නට උත්සහ කළ අවස්ථාවේ ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ ඔවුන් වටා
එලා තිබූ මදුරු දැළ හේතුවෙනි. අනතුරුව එම අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් හතර
දෙනෙක් පොලිස් භාරයට ගත්තේය. ඔවුන්ගෙන් කටඋත්තර ලබා ගෙන පසුව මුදාහැර
තිබිණ. එම හතර දෙනාගෙන් අයෙක් අද උදේ වස බී තිබේ. මේ වනවිට රෝගියාගේ
තත්ත්වය අවදානම් අඩියෙන් බේරී ඇතැයි කහවත්ත මූලික රෝහල පවසයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment