Wednesday, November 14, 2012

පංති කට්‌කර තරුණයකු සමඟ සිටි දහතුන් හැවිරිදි දැරිය පොලිසියට අසුවේ

සවස්‌වරුවේ පෞද්ගලික පංතියකට යන බැව් පවසා නිවසින් පිට වූ තම මිණිබිරිය පන්තියට ගොස්‌ නැති බව දැන ගන්නට ලැබීමෙන් මවිතයට පත් ආත්තම්මා වහා පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය 16 හැවිරිදි තරුණයකු සමඟ පාලු පෙදෙසක පෙම්බස්‌ දොඩමින් සිටියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක්‌ කඩවතින් වාර්තා වේ.

කඩවත පහල බියන්විල ප්‍රදේශයේ පදිංචි ඇගේ මව විදෙස්‌ රටක රැකියාවේ නියෑළෙන අතර පියා ලොරි රියෑදුරකු ලෙස සේවය කරයි. අත්තම්මා භාරයේ හැදුනු වැඩුණු දියණිය පිළිබඳ ඇය නිතර සොයමින් බලමින් කටයුතු කළාය.

පන්ති යන දියණිය පිළිබඳ නිතර නිතර සොයා බැලීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් තම මිණිබිරියගේ අතුරුදන්වීම පිළිබඳ ඇය ඉක්‌මනින් ක්‍රියාත්මක නොවූයේ නම් සිද්ධිය මීට වඩා දුරදිග යැමට ඉඩ තිබූ බව පොලිසිය පවසයි.

බාහිර පන්තිවලට යන දරුවන් පිළිබඳ නිතර දෙවේලේ සෙවිල්ලෙන් බැලිල්ලෙන් සිටින ලෙස අනෙකුත් දෙමාපියන්ට මෙය පාඩමකට ගන්නා ලෙස ඉල්ලා සිටි කඩවත පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො. ප. ගැමුණු ගුණරත්න මහතා, දියණිය අත්තම්මාට භාර දෙමින් තරුණයාට සහ ඔහුගේ දෙමාපියන්ට ද, අවවාද හා උපදෙස්‌ දී ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ඒ. සෝමදාස මහතාගේ උපදෙස්‌ මත ඔවුන් මුදා හැරීමට පියවර ගත්තේය.

No comments: