මේ වසරේ ඇතිවීමට නියමිත අවසන් සුර්යග්‍රහනය හෙට (14) සිදුවේ. මෙය ශ්‍රී ලංකා
වේලාවෙන් පෙරවරු1.08ට ඔස්ට්‍රේලියාව දෙසින් අර්ධ සූර්යග්‍රහණයක් සේ ඇරඹෙන
මේ සූර්යග්‍රහණයේ අවසානය සිදුවනුයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.16ට
දකුණු අමෙරිකාවේ පහළ කොටසිනි.
පුර්ණ සුර්යග්‍රහනයක් වන මෙය ඔස්ට්‍රේලියාවට හා දකුණු පැසිපික් සාගරයට දිස් වුවද
ශ්‍රී ලංකාවට දිස් නොවේ. පූර්ණ සුර්යග්‍රහනයේ උපරිම අවස්ථාව දකුණු පැසිපික් සාගර
ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 3.42ට ඇතිවන අතර එවිට සූර්යා විනාඩි 4යි
තත්පර 2ක කාලයක් චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන් වැසී අදුරුව පවතින බව කොළඹ
විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා
පවසයි.

No comments:
Post a Comment