පාසල්
සිසුන් ඇතුළු තරුණයන් බහුල වශයෙන් භාවිත කරන මත් පුවක් වර්ගයක් වන පාම්පරක්
නමැති විෂ පුවක් අඩංගු කන්ටේනර් 08ක් රේගුව ඊයේ (15) සිය භාරයට ගෙන ඇත.
ඩුබායි සිට ගෙන්වන ලද බව සඳහන් මෙම කන්ටේනර් අද (16) දිනයේ විවෘත කිරීමට
නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල්
එස්.ඩී.එස්.ගුණතුංග මහතා පැවැසීය. මෙෙතක්
ඉතිහාසයේ මෙතරම් මත් පුවක් තොගයක් එකවර හසුවූ පළමු අවස්ථාව වන්නේ මෙයය.
මෙයට පෙර හසුවී ඇත්තේද සුළු ප්‍රමාණයන්වලිනි. අදාළ කන්ටේනර්වල අඩංගු මත්
පුවක් ප්‍රමාණයන් වල සංඛ්‍යාත්මක වටිනාකම් අද (16) දින ගණනය කිරීමට
නියමිතව ඇත.
පාසල් සිසුන් ඉලක්කකර ගනිමින් මෙම මත්පුවක් තොගය මෙරටට ගෙන එන්නට ඇතැයි සැකකරන බව ගුණතුංග මහතා සඳහන් කළේය.

No comments:
Post a Comment