Wednesday, November 14, 2012

දිවයින පුරා හෙද හෙදියෝ 15 වැනිදා සංකේත වැඩ වැරුමක්

දිවයින පුරා හෙද හෙදියන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් හෙට (15) පෙරවරු 7 සිට ආරම්භ කිරීමට නියමිතය. සමස්ත ලංකා හෙද සේවා සංගමය, රජයේ හෙද සංගමය මෙම වැඩ වර්ජනය මෙහෙයවයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තිය ක්‍රියා මාර්ගයට සහය පළ නොකිරීමට තීරණය කර ඇත. 1779 දරණ හෙද හෙදියන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීම, අනතුරු දීමනා වැඩි කිරීම, හෙද ව්‍යවස්ථාව ස්ථාපිත ‍කිරීම, උසස්වීම් පටිපාටි විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන මෙම සංකේත වැඩ වර්ජනය හෙට පැවැත්වේ. මේ සම්බන්ධ‍ව මීට පෙර උද්ඝෝෂණ හා වෙනත් වෘත්තීය ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වූ අතර සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබේ. එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් මෙම ඉල්ලීම් ලබා දීමට එකඟතාව පළ කර තිබුණන් එය දිනෙන් දින ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් සහ මෙම ඉල්ලීම් කඩිනමින් ලබා දෙන ලෙස බල කරමින් අදාළ වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කිරීමට නියමිත ය.

No comments: