ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් හා
කන්ටේනරයක් ගැටීමෙන් සිදුවූ හදිසි අනතුරකින් යතුරුපැදිය ගිනිගෙන ඇති අතර
යතුරුපැදියේ ගමන් ගත පුද්ගලයෙකු මියගොස් තිබේ.
කොළඹ සිට ගාල්ල දෙසට
ධාවනය වූ මෙම යතුරුපැදිය එයට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ කන්ටේනරයේ
ගැටී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් අනෙක් පුද්ගලයා
වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කොට තිබේ.
මරණකරු 23
හැවිරිදි දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කන්ටේනර් රථයේ රියදුරු
අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමට නියමිතය. සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන ගාල්ල පොලිසිය විසින්
මෙහෙයවනු ලබයි.

No comments:
Post a Comment