Thursday, November 15, 2012

බාල වයස්කරුවෙකු නිරුවත් කර ඡායාරූප අරන්....

පහළොස් හැවිරිදි බාලවයස්කාර සිසුවෙකු කැලයට රැගෙන ගොස් නිරුවත් කර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් තරුණයන් තිදෙනෙකු මැදවච්චිය පොලිසියේ ළමා කාන්තා කාරර්‍යංශය මඟින් 14 වන දා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මැදවච්චිය මන්නාරම් මාර්ගයේ පදිංචිකරුවන් වන අතර පාසල් සිසුවාද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඉකුත් 10 වන දා සිසුවා නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලකට යමින් සිටියදී පැමිණි තරුණයන් තිදෙනා සිසුවාව මැදවච්චිය මහජන ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් නිරුවත් කර ජංගම දුරකථන වලින් නිරුවත් සිරුර ඡායාරූප ගතකරගෙන ඇත. ඉන්පසුව සැකකරුවන් සිසුවාව නිවසට රැගෙන ගොස් ඔහුගේ මවට භාර දී “මල්ලි ජරා වැඩක් කර කර ඉද්දි අල්ලගත්තා” යැයි යනුවෙන් පවසා ඔහුව භාර දී පලාගොස් ඇත. පසුව සිසුවා මේ සම්බන්ධයෙන් මවට පවසා ඇති අතර මව මැදවච්චිය පොලිසියේ ළමා කාන්තා කාරර්‍යංශයට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ මැදවච්චිය පොලියේ කාන්තා කාරර්‍යංශය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළේය‍. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියේ ළමා කාන්තා කාර්‍යංශය වැඩි දුර පරික්‍ෂණ සිදු කරයි.

No comments: