Monday, November 12, 2012

ගජරාමෙට රන්මාලවලට “විද්ද” කල්ලියක් දැලේ

වාද්දුව, පානදුර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑමේ යෙදී සිටි සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙකු සොරකම් කළ ලක්‍ෂ විස්සක පමණ වටිනාකමෙන් යුත් රන්මාල ‍තොගයක් ද සමඟ වාද්දුව පොලිසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ රැසකට සම්බන්ධ අයෙකු විසින් මෙම කොල්ල කල්ලිය මෙහෙයවා ඇති අතර ත්‍රිරෝද රථ රියදුරන් ලෙස කටයුතු කර ඇති සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මෙසේ රන්මාල කොල්ල කෑමේ නිරතව සිට ඇති බව පොලිසිය පවසයි. පානදුර, වාද්දුව, බණ්ඩාරගම, හොරණ, පාදුක්ක, මොරටුව, පිළියන්දල, ඇහැලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක මොවුන් ඉතා සූක්‍ෂම අයුරින් රන්මාල කොල්ලකෑම් සිදු කර ඇති අතර ඒවා වැඩි මුදලක් ලැබෙන පෞද්ගලික වෙළඳ ආයතන වලට උකස් කර තිබූ ලියවිලි සහ රන්මාල හතළිස් හතක් ද, කොල්ලයන්ට භාවිතා කළ යතුරු පැදි සහ ත්‍රිරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

No comments: