Friday, November 16, 2012

ඩෙංගු මර්දන බෙහෙත් මහ ඇමතිට පිළිගැන්වේ........

 ශ්‍රී ලාංකේය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නව මාවතකට යොමු කරමින් අප රටට විශාල අර්බුදයක් වූ ඩෙංගු රෝගය සඳහා දේශීය ඖෂධයක්‌ සොයාගත් දේශීය වෛද්‍යවරියක වන තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය එම ඖෂධය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා පළාත් දේශීය වෛද්‍ය විෂය භාර අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා වෙත ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පිරිනමනු ලැබීය.
                         දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස්‌ සී. එල්. ගුරුගේ ප්‍රධාන අමාත්‍ය සහකාර ලේකම් (පළාත් පාලන) අමිල ඉන්දික ප්‍රධාන අමාත්‍ය පෞද්ගලික ලේකම් ඩබ්. එච්. දයාපාල, මාධ්‍ය ලේකම් රුවින් කෝට්‌ටගේ, විශ්‍රාම ලත් විදුහල්පති ලාල් වික්‍රමසූරිය යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් වූහ.

No comments: