තිරිඟු පිටි සමාගම් දෙකකට එරෙහිව නඩු
පැවැරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ. ප්‍රීමා සමාගම සහ
සෙරන්ඩිබ් සමාගම යන සමාගම් දෙකට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික අධිකාරියේ
සභාපති රූම් මර්ෂුක් මහතා පැවැසීය.
අධිකාරියේ
අවසරයකින් තොරව තිරිඟු පිටි මිල කිහිප අවස්ථාවකදීම ඉහළ දැමීමට එරෙහිව
පාරිභෝගික අධිකාරිය විසින් එලෙස නඩු පවරා තිබේ. එම සමාගම්වලට අධිකරණය මගින්
සිතාසි නිකුත් කිරීමට කටයුතු කරන බවද රූම් මර්ෂුක් මහතා කීය.

No comments:
Post a Comment