Sunday, November 18, 2012

කෙතකදී කෙළසූ දැරිවිය සැකකරු සමඟ සොයාගනී

දාහතර හැවිරිදි පැසැල් සිසුවියක් පැහැරගෙන ගොස් කුඹුරකදී ඇයව දූෂණය කළ මාවතුපොළ පදිංචි (18) තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලිසිය සමත්විය. බාලවයස්කාරිය හා මේ තරුණයා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවත් දැ‍රිය කොනකලගල නිවසක සඟවා සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් බවත් වර්තාවන අතර දැරිය මාතලේ රෝහලට ඇතුලත් කර වෛද්‍ය පරික්ෂණයක් සිදු කොට තිබේ. සැකකාර තරුණයා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments: