Tuesday, November 6, 2012

නීති විරෝධී ළමා නිවාසයක් වටලයි…..

නීති විරෝධී ලෙසට, සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා නොගෙන ළමා නිවාසයක් පවත්වාගෙන ගිය මාවනැල්ල ගනේතැන්න පුද්ගලයන් තිදෙනෙක් කෑගල්ල දිසා ළමා හා කාන්තා සුරැකුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෑගල්ල ප්‍රාදේශීය සමාජ සේවා නිලධාරිවරයකු විසින් සොයා බලා ලබාදෙන ලද තොරතුරු වාර්තාවක් සලකා බලා පොලිස් ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කර බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සමාජ සේවා නිලධාරී ආර්. එස්. රණතුංග මහතා පැවැසීය.
සිද්ධිය පිළිබඳව අධිකරණය වෙත අපරාධ බී වාර්තාවකින් කරුණු වාර්තාකරණ ලෙස පොලිසියට නියෝග කළ විනිසුරුවරයා සැකකරුවන් කෑගල්ල රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙළේ ය.
මේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ළමා නිවාසය පිළිබඳ තොරතුරු ලබා දුන් සමාජසේවා නිලධාරීවරයාට සහ සිද්ධියට අදාළ තොරතුරු ලබා ගෙන වඩාත්් විධිමත්ව වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට සමාජ සේවා අංශය ස්තුතිය පළකැර තිබේ.

No comments: