Wednesday, November 14, 2012
සිසුවියන් දහසකට වඩා රෝගි වීම නිසා ගම්පොළ ජිනරාජ බාලිකාව වසා දමයි
ගම්පොළ
ජිනරාජ බාලිකා පාසලේ සිසුවියන් දහසකට වැඩි පිරිසක් හදිසියේ ඇති වූ රෝගි
තත්ත්වයක් හේතුවෙන් ගම්පොළ ශික්ෂණ රෝහලට අද (14) පෙරවරුවේ සිට ඇතුළත්
කරමින් තිබේ. සිසුවියන්ගේ සිරුරු කැසීම සහ ක්ලාන්තය සෑදීම හේතුවෙන් ඔවුන්
රෝහල්ගත කරන්නට පටන් ගෙන ඇත. මේ වනවිට නේවාසිකව සිසුවියන් 120ක් ප්‍රතිකාර
ලබන අතර බාහිර රෝගි අංශයේ සිසුවියන් 460 දෙනෙක් ප්‍රතිකාර
බලාපොරොත්තුව සිටිති. සිසුවියන් 600 දෙනකුට බාහිර ප්‍රතිකාර ලබා දීමෙන් පසු
ඔවුන් දෙමව්පියන්ට බාර දී ඇත. මෙම පාසල අද සිට දින තුනක් වසා දැමීමට
කලාපීය අධ්‍යාපන බලධාරින් අද දහවල් පියවර ගත්හ. පාසලේ සිසුවියන් 2425
දෙනෙක් ඉගෙනුම ලබන අතර විවිධ වයස් කාණ්ඩවලට අයත් සියලුම පංතිවල සිසුවියන්
මෙම රෝගී තත්ත්වයට ගොදුරු වෙමින් සිටිති. ගම්පොළ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය
සරත් වීරබණ්ඩාර මහතා පවසන්නේ මෙම රෝගී තත්ත්වයට හේතුව කුමක්දැයි තවම
අනාවරණය වී නැති බවයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment