
හින්දු සම්ප්‍රදායේ අධ්‍යාත්මික සාරවත්භාවය පිළිබඳ ප්‍රකාශනයක් ලෙස ආලෝකයේ උළෙල ලෙස හැඳින්වෙන දීපාවලිය විශේෂ වැදගත්කමක් උසුලන බව දීපාවලී දින පණිවුඩය නිකුත් කරමින් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.
එය නපුර පරදා යහපත විජයග්‍රහණය කිරීම හා මානව වර්ගයාගේ සදාතනික
ගවේෂණයක් වූ මෝහයේ අඳුර පරයා දැනුමේ ආලෝකය උදාවීම සංකේතවත් කරයි. හින්දු ධර්මයේ සම්ප්‍රදායන්ට හා ශේ්‍රෂ්ඨ ධාර්මික හරයන්ට අනුකූළව වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් වූ මිනිසුන්ගේ නිරන්තර අරගලයේදී ළඟා කරගත් දියුණුව ද ඉන් පෙන්නුම් කෙරේ.
මෙම ශේ්‍රෂ්ඨ උත්සවය සැමරිමට ලොව පුරා වෙසෙන සිය සහෝදර බැතිමතුන් සමග ශ්‍රී ලාංකීය හින්දු ජනයා එක් වන අද දින දීපාවලී උත්සවයෙන් අවබෝධයේ ආලෝaaකය පිළිබඳ ජනකොටස් අතර වඩා පුළුල් දැනුමක් ඇති කිරීමේ අවස්‌ථාව සහ ජන වර්ගයන් අතර සහජීවනය වර්ධනය කිරීමට මෙන්ම බොහෝ කලක් තුළ ජනවර්ගයන් දුරස් කළ විෂමතා දුරලීම සඳහා ද ආලෝකයක් පතුරුවයි.
ආලෝකයේ දීප්තියෙන් පිරි දීපාවලී සැමරුම හින්දු ඉගැන්වීම රැක ගන්නා හින්දු බැතිමතුන් අතර ප්‍රමෝදයේ පණිවුඩය පතුරුවනු ඇත. එමෙන්ම එය බෙදා හදා ගැනීමේ ජීව ගුණය තුළින් සාමයේ හා සන්සුන්භාවයේ බලාපාරොත්තු ජනිත කරයි.
සියලු හින්දු භක්‌තිකයන්ට සතුට හා සාමයෙන් පිරි දීපාවලී උළෙලක් පතමි.
අසත්‍යය දුරැලා සත්‍යයේ පහන් දැල්වේවා..........!
දීපාවලී
දිනයේ සැබෑ අරුත වන්නේ අසත්‍යය දුරලා සත්‍ය දල්වාලීම බව
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.දීපවාලී දිනය වෙනුවෙන් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.
අධර්මිෂ්ඨ අන්ධකාරයෙන් මිදී ප්‍රඥලෝකය දල්වාලීම නිමිතිකොට ගෙන පහන් මාලාවන් දල්වමින් දීපාවලීs දිනය සැමරීම හින්දු බැතිමතුන්ගේ හා අසත්‍යය දුරැලා
ජෛන බැතිමතුන්ගේ සිරිතකි.
දීපාවලී දිනයෙහි සැබෑ අරුත වන්නේ අසත්‍යය දුරැලා සත්‍යය දල්වාලීමයි. ක්‍රෝධය දුරැලා සෙනෙහස දල්වාලීමයි. වෛරය දුරැලා කරුණාව දල්වාලීමයි. පරාධීනත්වය දුරැලා ස්‌වාධීනත්වය දල්වාලීමයි. නපුර දුරැලා යහපත දල්වාලීමයි.
සකල සිත් සැනසෙන, මනුෂ්‍යත්වය රජවන, යහ පාලනය සුරැකෙන පරිසරයක් ලොව පුරා උදා කළ හැක්‌කේ එවිටය.
ඒ අරමුණ හදැතිව අද දින දීපාවලී සමරන සැමටම මාගේ සුබ පැතුම් පිරිනමන්නෙමි.
No comments:
Post a Comment