ලක්ෂපාන වතු නිවාස16ක් ගිණිගනී
නල්ලතන්නිය,පොලිස්
වසමට අයත් ලක්ෂපාන තේ වතුයායේ වතු නිවාස පේලියක (13)ගින්නක් ඇතිවී තිබෙන
අතර ඉන් නිවාස 16ක් මුළුමනින්ම විනාශවී තිබේ. වතු කම්කරුවන්ගේ පුද්ගලික
භාණ්ඩ බොහොමයක්ම ගින්නට හසුව තිබෙන අතර දීපවාලී දිනය සමරමින් වතු
කම්කරුවන් ආහාර ගනිමින් සිටින අතර එක් නිවසක හටගත් ගින්න සැනෙකින් නිවාස
පේළිය වෙත පැතිර තිබේ. නල්ලතන්නිය පොලිසියත් මාවුස්සාකැලේ යුධ හමුදා
නිළධාරීනුත් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මැඩලන්නට වෙහෙසුන අතර ගින්න
හේතුවෙන් පවුල් 16ක පිරිස් අවතැන්ව සිටී.
No comments:
Post a Comment