Thursday, November 8, 2012

ජනාධිපතිතුමා, බරක් ඔබාමාට සුබ පතයි

ඇමෙරිකානු ජනාධිපති ලෙස යළිත් වරක් පත් වූ බරක් ඔබාමා මහතාට, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සුබ පැතුම් පිරිනමයි.
පසුගිය 06වනදා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් බරක් ඔබාමා දෙවැනි වරටත් ජය ලැබීය.
මෙවර ද විශිෂ්ඨ ලෙස ජනාධිපතිවරණයෙන් ජය ලැබීම ඇමෙරිකානු ජනතාව බරක් ඔබාමා කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් තහවුරු වීමක් බව ජනාධිපතිතුමා ‍යවන ලද සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.
ජනාධිපති බරක් ඔබාමා හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවද මෙමගින් පිළිබිඹු වේ. ලෝක සාමය හා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කිරීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයාට මෙම ජයග්‍රහණය සමඟ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සඳහන් කරයි.
එසේම මෙම ජයග්‍රාහී අවස්ථාවේ බරක් ඔබාමා ජනාධිපතිවරයාට සුබ පැතීම සඳහා සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ද තමා සමඟ අත්වැල් බැඳගන්නා බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සුබ පැතුම් පණිවිඩය ඔස්සේ දක්වා තිබේ. 

No comments: