Wednesday, November 14, 2012

වැලිකඩින් පැන්න දරුණු අපරාධකරුවෙක් කහංගමින් අල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ පසු ගිය දා ඇතිවූ සිරකරුවන් හා ආරක්ෂක අංශ ගැටුමේ දී එහි සිට පලාගිය දඩුවම් ලැබූ දරුණු ගණයේ අපරාධ කරුවෙකු අද (13) රුවන්වැල්ල පොලිසිය විසින් කහංගම ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සිරකරු මිරිහාන ප්‍රදේශයේ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සිරගත කළ පුද්ගලයෙකු බැව් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේ දී අනාවරණය වී ඇත. සිරකරු අද (13) රුවන්වැල්ල අධිකරණයට ඉදිරිපත් කර වැඩි දුර පරික්ෂණ පැවැත්වීමට කොළඹ අපරාධ විමර්ශන ඒකකයට භාරදීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි. රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රරත්න බඹරැන්ද මහතාට පෞද්ගලිකව ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

No comments: