Saturday, June 29, 2013

Time magazine stopped at Customs


බෞද්ධයන්ට අපහාස කළ 'ටයිම්' සඟරාව ලංකාවේ තහනම්
 

මියැන්මාරයේ ආන්දොලනාත්මක භික්ෂුවක් වන විරාතු හිමියන් නායකත්වය දෙන ‘Buddhist -969’ නම් සංවිධානය ශ්‍රී ලංකාවේ 'බොදු බල සේනා' සංවිධානයට සමාන කරමින් පළ කර ඇති ආන්දෝලනාත්මක ලිපියක් හේතුවෙන් සුප්‍රසිද්ධ ජාත්‍යන්තර 'ටයිම්' සඟරාවේ ජූලි කලාපය මුදා හැරීම රේගුවෙන් අත්හිටුවනු ලැබ තිබේ.Time සඟරාවේ ජූලි කලාපයේ මුල්පිටුවේ පූජ්‍ය විරාතු හිමියන්ගේ රුව The Face of Buddhist Terror බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණුවර යන වැකිය සහිතව පළ කර ඇති අතර ඒ හේතුව නිසා සඟරාව මියැන්මාරය තුළද තහනම් කරන්නට මියැන්මාර රජය පියවර ගෙන තිබේ.

මියැන්මාරයේ විරාතු හිමියන් නායකත්වය දෙන Buddhist -969 සංවිධානය එරට සුළු ජනකොටසක් වන මුස්ලිම්වරුන්ට විරුද්ධව බරපතළ ව්‍යාපාරයක් ගෙන යන බව පැවැසෙන අතර මේ හේතුවෙන් මියැන්මාරය පුරා පසුගිය වසරේ පමණක් 1,40,000කට ආසන්න බෞද්ධ හා මුස්ලිම් වැසියන් පිරිසක් අවතැන්වී ඇතැයිද පුද්ගලයන් 200කට අධික පිරිසක් මරණයට පත්ව ඇතැයිද පැවැසේ.

මියගියවූවන්ගෙන් බහුතරය එරට මුස්ලිම් වැසියන් බවත් Buddhist -969 සංවිධානය විසින් සුළු ජාතික මුස්ලිම්වරුන්ගේ පල්ලි, ව්‍යාපාරික ස්ථාන හා දේපළවලට පහරදී සංවිධානයේ පත්‍රිකා හා ස්ටිකර් අලවා යන බවත් වෝල් ස්ටි්‍රට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබේ.

මියැන්මාරයේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව එරට බෞද්ධයන් මෙහෙයවන විරාතු හිමියන් පිළිබඳ හා සිරුරට ගිනිතබා ගෙන මියගිය භික්ෂුන් සඟරාවේ කවරයේ කතාව බවත් ශ්‍රී ලංකාවේ බොදු බලසේනා සංවිධානයද Buddhist -969 සංවිධානයට සමාන සංවිධානයක් බවත් එම ලිපියේ සඳහන් වන බව පැවැසේ.
සඟරාව මියැන්මාරය තුළ තහනම් කිරීමට එරට රජය විසින් ගනු ලැබූ පියවර විවේචනය කරන පිරිස් පවසන්නේ මේ හේතුවෙන් එරට මුස්ලිම් සුළුතරයට එරෙහිව ක්‍රියා කරන බෞද්ධයන් තවදුරටත් ශක්තිමත් කිරීම 'තහනම' නිසා සිදුවී ඇති බවයි.

Time සඟරාව ගුවන්තොටුපළින් මුදා නොහැරීමට රේගුව ගෙන ඇති තීරණය පිළිබඳ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ තමන් මේ පිළිබඳ දැනුම්වත්වී නැති බවයි. එය සොයා බලා දැනුම් දෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මේ සඟරාවේ පිටපතක් රේගුව විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ බව රේගුවේ උසස් නිලධරයෙක්  පැවැසීය.


No comments: