Saturday, June 29, 2013

A Fire at Biyagama....

බියගම වෙළෙඳ කලාපය අසල ආයතනයක් ගිනි ගෙන දැවෙයි
රු. කෝටියකට ආසන්න අලාභයක්


බියගම නිදහස් වෙළෙඳ කලාපය අසල පෞද්ගලික ආයතනයක (28දා) ඇති වූ ගින්නකින් එම ආයතනය මුළුමනින්ම ගිනි බත් වී තිබේ. මේ ආයතනය වසා තිබූ අවස්ථාවේ මේ ගින්න ඇති වූ හෙයින් කිසිම කෙනෙකුට අනතරක් සිදු වී නැත.

මේ ගින්නෙන් යන්ත්‍ර සුත්‍ර රෙදි කැබලි හා උපකරණ සියල්ලක්ම විනාශ වී තිබෙන අතර එයින් සිදු වූ අලාභය රුපියල් කෝටියකට ආසන්න වන බව ද කියැවේ.

මේ ගින්න ආයතනය ඇතුළතින් ඇති වී තිබෙන අතර නමුත් එම ගින්නට හේතුව තවම අනාවරණය වී නැත.

මේ ගින්න නිසා ඊට යාබදව තිබෙන බියගම ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයටද අලාභ හානි සිදු වී ඇත.

ගින්න ඇති වූ අවස්ථාවේ බියගම වෙළෙඳ කලාපයේ ගිනි නිවන ඒකකය, කොළඹ ගිනි නිවන ඒකකයේ හා බියගම පොලිසිය මැදිහත් වී ගින්න නිවා දැමු අතර ඒ වන විටත් එම ආයතනය මුළුමනින්ම ගිනිබත් වී තිබිණි.

මෙහි සේවක සේවිකාවන් තිහකට අධික පිරිසක් සේවය කරති.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. කවිරත්න , ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. එම්. ආර්. මල්ලවකුමාර, පොලිස් පරීක්‍ෂක එස්. ඩී. ගුරුසිංහ, සැරයන් උපාලි, කොස්තාපල් ඇන්ටනි යන නිලධාරිහු පරික්‍ෂණ පවත්වති.

No comments: