Thursday, March 13, 2014

තරුණියකගේ සුව නොවන රෝගයක් සුව කරන්න නිරුවත් වෙන්න කියපු කපුවෙක් අල්ලයි.

rapegතමන්ට ඇති අසනීපයක් සම්බන්ධයෙන් පේනයක් බැලීමට දේවාලයකට පැමිණි තරුණියක් නිරුවත් කිරීමට උත්සහ කළ බව කියන කපුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි. ඉකුත් 12 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ආණමඩුව නගරයට ආසන්නයෙන් දේවාලයක් පවත්වා ගෙනගොස් ඇත.ඔහු ආණමඩුව – දසනායකපුර පදිංචි 49 හැවිරිදි අයෙකි.
සුව නොවන රෝගයක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා මෙම දේවාලයට 12 වැනිදා තරුණියක් පැමිණ ඇත. ඇය නිකවරටියේ පදිංචි 27 හැවිරිදි අයෙකි. රෝග නිධානය සම්බන්ධයෙන් පේනය බැලීමට නම් නිරුවත් විය යුතු බව දේවාලයේ සිටි කපුවා තරුණියට පවසා ඇත. නමුත් ඊට විරෝධය පළ කර ඇති තරුණිය මේ බව ආණමඩුව පොලීසියට දන්වා ඇත.
පසුව ආණමඩුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments: