Thursday, March 13, 2014

ජනපතිට නොදන්වා කොරියා යවන්න හැදු “දිනුදා” ඉල්ලා කොරියානුවන්ගෙන් දෙහිවල කලබලයක්


dinudaකොටි පරදා යුද්ධය අවසන් කල දින උපන් ‘දිනූදා’ සහ තවත් අලි පැටවුන් දෙදෙනෙකු දකුණු කොරියාවට කර තිබූ සූදානම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අත්හිටුවීමත් සමඟ ඊයේ පස්වරුවේ දෙහිවල සත්තු වත්තට පැමිණි කොරියානු ජාතිකයන් පිරිසක් අලිපැටවුන් ඉල්ලා මහත් කලබලයක් ඇතිකර තිබේ. අදාල අලි පැටවුන් දෙදෙනා දකුණු කොරියාවේ පෞද්ගලික සත්වෝද්‍යානයට මෙම යැවීමට සූදානම් කර තිබූ අතර එය රාජ්‍යතාන්ත‍්‍රික ගනුදෙනුවක් නොවන බවද වාර්තා වේ.
සාමාන්‍ය සම්ප‍්‍රදාය වන්නේ අලි පැටවකු රටින් පිට කිරීමේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීම වුද මෙම පැටවුන් කොරියාවට යැවීම පිළිබදව මාධ්‍ය මගින් හෙළි කරන තෙක් ජනාධිපතිවරයා දැනුවත් වී නොසිටියේය.

No comments: