Thursday, March 20, 2014

කෙසෙල් කවන්න ගිය භික්ෂුව වන අලි ප්‍රහාරයෙන් අපවත් වෙති...



ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් බ්‍රහස්පතින්දා (20දා) උදේ සේනාසනය තුළට පැමිණි වන අලියකුට කෙසෙල් ගෙඩි දීමට ගොස් අලියාගේ ප්‍රහාරයට ලක් වී අපවත් වී තිබේ. අපවත් වී ඇත්තේ ගාල්ල, ගෝනපුර සරණංකර (65) හිමියන් ය. උන්වහන්සේ මීට වසර හතරකට පමණ පෙර සසුන්ගත වී තිබේ. අනතුරුව හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි බඳගිරිය, තම්මැන්නාව, බැමිණියන්හල ආරණ්‍ය සේනාසනයේ භාවනානු යෝගීව වැඩ සිට තිබේ.
මෙම සෙනසුනට දිනපතා වන අලින් පැමිණෙන අතර, උන්ට ඉතිරි වී තිබෙන ආහාර ලබා දීම සිදු කෙරී ඇති බව හම්බන්තොට පොලිසිය කියයි. බ්‍රහස්පතින්දා (20දා) උ‍දේ එසේ පැමිණි වන අලියෙකුට කෙසෙල් ගෙඩි දීමට යාමේදී අලියා කිපී, සරණංකර හිමිට පහර දී තිබෙන බව අනාවරණය වී තිබේ.
අපවත් වී වදාළ සරණංකර හිමිගේ දේහය හම්බන්තොට රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය බ්‍රහස්පතින්දා (20) සිදු කිරීමට නියමිතය. හම්බන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments: