Saturday, March 15, 2014

ටිකට් නැතිව දුම්රියේ ගිය මගියාට දඩ ගෙවන්න සල්ලි නෑ ....



මහෙස්ත්‍රාත්වරයා විසින් දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධියක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කළ පුද්ගලයකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට නියම කෙළේය. එම දඩ මුදල ගෙවීමට නොහැකි නම් මාස තුනක් සිරගතවීමටද නියම කෙළේය.

බදුල්ල, තල්දෙන පදිංචි මුදයන්සේලාගේ ප්‍රේමරත්න නමැති සැකකරුවකුට මේ දඩ මුදල නියම විය.
දඩ මුදල ගෙවීමට තමන් අත ප්‍රමාණවත් මුදල් නොමැති බව සැකකරු පවසා සිටි අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය භාර පොලිස් නිලධාරියාට රුපියල් දෙදහසක් ලබාදී දඩ මුදල ගෙවන ලෙස නියෝග කෙළේය.

No comments: