Sunday, March 23, 2014

පිළිකා වැඩිවෙන්න 'චිලි පේස්ට්' හේතුවෙලා,.....


දිවයින පුරා ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කරනු ලබන ෆ්‍රයිඩ් රයිස් සමඟ ලබාදෙන "චිලි පේස්ට්" නමැති ද්‍රව්‍ය දෙවරක් හෝ තුන්වරක් භාවිත කරන ලද පොල් තෙල්වලින් සාදනු ලබන බව හෙළිදරව් වී තිබේ. මෙසේ දෙවරක් හෝ තුන් වරක් භාවිත කරනු ලබන තෙල්වලින් ආහාර සකසන විට එහි රසයද ඉහළ බැවින් එම නිසා ආහාර අලෙවි කර ගැනීම වැඩිකර ගැනීමට මෙය උපක්‍රමයක් ලෙස භාවිත කරනු ලබන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය.

මෙසේ දෙවරක් හෝ තුන්වරක් භාවිත කරනු ලබන පොල් තෙල් මහා පරිමාණ හෝටල්වලින් බෝතල් පත්තරකාරයන්ට විකිණීම හරහා ඔවුන් විසින් මේ බාල පොල් තෙල් මෙවැනි සුළු පරිමාණ ආහාර අලෙවි කරනු ලබන ස්ථානයන්ට ඉතා අඩු මුදලකට විකිණීම නිසා මේ තත්ත්වය ව්‍යාප්ත වී ඇතැයි ඒ මහතා අවධාරණය කෙළේය.

මේ වන විට වෛද්‍යවරුන් පවා දෙවරක් භාවිත කරන ලද පොල් තෙල් නිසා පිළිකා වැනි තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට තහවුරු කර තිබේ.
එම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය සෞඛ්‍ය සතියක් නම් කර එදිනට පමණක් ක්‍රියාත්මක නොවී දිවයින පුරා ආහාරවලට ඇති තත්ත්වය සොයා බලා ඊට ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ඒ මහතා අවධාරණය කෙළේය.

No comments: