Sunday, March 23, 2014

ලයිට් ඩිම් නොකරන අයට එරෙහිව නීති තදවෙයි..

රාත්‍රි කාලයේ මෝටර්රථ ධාවනය කරන රියැදුරන් ඉදිරියෙන් එන වාහන රියැදුරන්ට බාධාවන අයුරින් වාහන පහන් ආලෝකය අවපාත (ඩිම්) නොකර ඉදිරි රියැදුරුට ගිනිකන වැටෙන අයුරින් මෝටර් රථ ධාවනය කරන බව පොලිස් සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

එවැනි අන්දමට රාත්‍රි කාලයේ රිය පදවන රියැදුරන් රථවාහන නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිසිවලට රථවාහන අංශවලට නියෝග කොට ඇතැයි රථවාහන පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩී.ඒ.කේ. සේනාරත්න මහතා සියලුම පොලිසිවලට නියෝග කොට තිබේ. එහෙත් මහජනයා පවසන්නේ අධි ආලෝක ධාරා සහිත වාහන විදුලි පහන් සහිත සුඛෝපභෝගී වාහනවලට විරුද්ධව රථවාහන නීතිය ක්‍රියාත්මක නොවන බවයි.

රාත්‍රි කාලයේ ධාවනය වන ඇතැම් ඩිපෙන්ඩර් රථවල ආලෝක ධාරාවද රථවාහන රියැදුරන්ට බාධාවක් මෙන්ම අනතුරුදායි තත්ත්වයට මුහුණපෑමට සිදුවී ඇති බව රාත්‍රි කාලයේ රිය පදවන බොහෝ දෙනකු 'මව්බිම'ට පැවැසූහ. රාත්‍රි කාලයේ ධාවනය කරන මෝටර්ථවල පහන් එළිය 'ඩිම්' නොකිරීම සම්බන්ධයෙන් රුපියල් 2,500ක දඩයකට යටත්කළ හැකි බවද රථවාහන පොලිසිය පැවැසීය.

No comments: