Saturday, March 22, 2014

මිල්ලනියට ඉබි වැස්සක් ...


තද ඉඩෝරයකින් පසුව වැසි ලැබුණු පළමු දිනයේම මිල්ලනියට වැසි සමඟ ඉබි පැටවුන් වැටෙන්නට වූයේ කා තුළත් සතුට මෙන්ම විනෝදයද ඇති කරමිනි.

වැස්සත් දැඩි සුළඟත් පැවැති මෙම අවස්ථාවේ මිල්ලනිය හන්දිය ආසන්නයේත් ඉන් කිලෝමීටර් දෙකත් හතරත් අතර දුර ප්‍රමාණයක ස්ථාන කිහිපයකට එකම ප්‍රමාණයේ ඉබි පැටවුන් වැටී තිබුණේ එකම වෙලාවකම වීම එහි ඇති විශේෂත්වයයි.

මිල්ලනිය කොළමැදිරිය මාර්ගයේ පදිංචි තරුණයකු වූ අමිල ඒ ගැන පැවැසුවේ මෙවැන්නකි. අපි තුන් දෙනෙක් වැස්ස වෙලාවේ ඉන්න කොට එකපාරටම මොනව හරි වැටෙනවා වගේ සද්දයක් පාර පැත්තෙන් ඇහුණා.

ඒ වෙලාවේ තරමක වැස්සක් තිබුණා. සුළඟකුත් ඇල්ලුවා, තාර පාරට ටොක් - ටොක් ගාල ගල් කැට වැටෙනවා වගේ දැකලා වැස්සෙම මමයි, චානකයි, චතුරයි පාරට දුවලා ගිහින් බැලුවා. එතකොටත් පාරෙ ඉබි පැටවුන් හතරදෙනෙක් හිටියා. විනාඩි පහකට විතර පස්සේ තව තුන්දෙනෙක් වැටුණා. මීට ඉස්සර මේ වගේම මාළුත් මේ පැත්තට වැටිලා තියෙනවා. පරගස්තොට අරකගොඩ පැත්තෙත් මේ ප්‍රමාණයේම පැටවු හම්බවෙලා තියෙනවා කියලා පස්සේ ආරංචි වුණා.

No comments: