Friday, October 4, 2013

TWO MPS INVOLVED IN IMPORTING ETHANOL, HEROIN - RAVI


එතනෝල් සහ කුඩු ගෙන්වීමට කුරුණෑගල මන්ත්‍රීවරුන් 2ක් සම්බන්ධයි 

The United National Party (UNP) today charged that 2 Kurunegala District Parliamentarians are involved in importing container loads of ethanol and heroin into the country.

Referring to recent instances where containers of ethanol and heroin were seized by customs officers, UNP MP Rani Karunanayake says that those incidents are being downplayed and that no one is talking about them.

Speaking during a press conference today, he stated that the country’s economic situation has turned to the worst and that many companies are now shutting down due to the boasting of UPFA politicians.

He stated that milk powder prices will increase by another Rs 200-300, however the government is spending large sums of money for promoting the Commonwealth meeting.

Karunanayake stated that the government is speaking about problems in the United National Party while the government itself is a “tsunami”.
මෙරටට ගෙන්වන ලද එතනෝල් කන්ටේනර් සහ හෙරෝයින් කන්ටේනර් සම්බන්ධයෙන් කූරූණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් 2ගේ සම්බන්ධයක් ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. 

ඒ සම්බන්ධයෙන් මේ වන විට කිසිදු කතාබහක් නොමැති බවද අද(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.

මේ වන විට මෙරටේ ආර්ථික තත්ත්වය භයානක බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන්ගේ පම්පෝරී ගැසීම් හේතුවෙන් අද වන විට විට සමාගම් වැසෙමින් පවතින බවද ඒ මහතා කියා සිටියේය.

කිරිපිටි මිල රුපියල් 200න් 300න් වැඩි වෙන බවත්, නමුත් මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ප්‍රචාරණ කටයුතුවලට විශාල මුදලක් වැයකරමින් සිටින බවත් ඒ මහතා කීවේය.

අල්ලස් හා දූෂණ මෙරටේ ස්ථිර වී ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව කතා කරන බවත්, නමුත් ආණ්ඩුව සුනාමියක් බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

චීන රජය සමඟ තවත් වෙළඳ ගිවිසුම් ගැසීමට සඳහා සුදානමින් සිටින බවත්, ඉන්දියාවත් සමඟ ගිවිසම් සඳහා යාමට නොහැකි නම් චීනයත් සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ කෙසේද යන්න තමන්ට ප්‍රශ්නයක් මතුවන බවත් හෙතෙම කීවේය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ එළඹෙන සදුදා දින ඉන්දියාවත් සමඟ සාම්පූර් ගිවිසුම අත්සන් තබන බවත්, එම ආදායමෙන් 50%ක් ඉන්දියාවටත් 50% ලංකාවටත් ලැබෙනු ඇති බවයි.

පසුගිය පළාත් සභා ඡන්දයට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව නවනීදන් පිල්ලේ මහත්මිය මාස එකාමාරකට පෙර ලංකාවට පැමිණි බවත්, ඇයව පැමිණීම සම්බන්ධයෙන් එ.ජා.පට දෝෂාරෝපණය එල්ල කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.




No comments: