Tuesday, October 15, 2013

Mangala released on bail .


 මංගලට කොන්දේසි පිට ඇප 
_____________
UNP Matara District MP Mangala Samaraweera, who surrendered to police along with two others this morning in connection with the clashes that took place in Matara town on October 5, was released on bail by the Matara Magistrate this afternoon.
They were each released on two personal bails of Rs.100, 000 each by Matara Chief Magistrate Ruwan Sisira Kumara. UNP Devundara organizer H.R. Wimalasiri and UNP Balapitiya organizer Kamal Jayantha Zoysa were also released on bail along with Samaraweera.
The Matara Magistrate yesterday issued arrest warrants for Mangala Samaraweera and 11 others in connection with the clashes that took place between two rival factions of the UNP in Matara town on October 5.
මාතර දී පසුගියදා සිදුවූ එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර වූ ගැටුම සම්බන්ධයෙන් 15 දා පෙරවරුවේ පොලිසියට භාරවූ මාතර දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ඇතුළු තිදෙනක් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
අයුතු ජන රාශිය,කුරුදු පොලු වලින් පහර දීම ,වාහනයකට අලාභහානී කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර පැහැර ගැනීම යන චෝදනා තුන මත පොලීසිය බී වාර්තාවකින් අධිකරණයට කරුණු දැක්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යය තවත් අට දෙනකුගේ නම් සදුදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුහු 15 දා අධිකරණයට ඉදිරිපත් නොවුහ.


සෑම මසකම අවසන් ඉරිදා මාතර පොලිසියේ පෙනී සිටින ලෙසත් සාක්‍ෂි කරුවන්ට බලපෑම් නොකරන ලෙසත් නියෝග කරමින් දැනුම් දුන් අතර ලබන 21 දින අධිරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මෙලෙස මුදාහැර ඇත. දෙවිනුවර එජාප ආසන සංවිධායක එච්.ආර්. විමලසිරි, එජාප බලපිටිය ආසන සංවිධායක නීති කමල් ජයන්ත සොයිසා යන මහත්වරු ද ඇප මත මුදාහැරුණු අය වෙති.

No comments: