Thursday, October 10, 2013

Ranil fears govt. eyeing facebook.


ෆේස් බුක් තහනම්ද?
- රනිල්
නෑ එහෙම තීරණයක් අරන් නෑ
- දිනේෂ්

Opposition leader Ranil Wickremesinghe today asked Parliament whether the government had decided to ban the social network site facebook or limit access to it.

Mr. Wickremesinghe said speculation was rife that the government was intending to do it, but, Chief Government Whip Dinesh Gunawardane said there was no such decision taken by the government.(KB & YP)

ශ්‍රී ලංකාව තුළ ෆෙස් බුක් (Face Book) වෙබ් අඩවිය නැරඹිම තහනම් කිරිමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි ආණ්ඩු පක්ෂ සංවිධායක සහ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි (10දා) ප්‍රකාශ කළේය.ෆේස් බුක් වෙබ් අඩවිය තහනම් කිරිමට හෝ සීමාවක් පැනවිමට රජය තීරණයක් ගෙන ඇතැයි ප්‍රචාරයක් පවතින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා එසේ කීවේය.

විපක්ෂ නායක - රජය ෆේස් බුක් තහනම් කිරිමට යන බව ප්‍රචාරය වෙනවා. ආණ්ඩුව එවැනි ක්‍රියා මාර්ගයක් ගන්නවාද.... රජය මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරිම හොද බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් විමසා සිටියේය.

ආණ්ඩු පක්ෂ සංවිධායක - නැහැ .... නැහැ.... එවැනි තීරණයක් රජය ගෙන නැහැ.



No comments: