Saturday, October 5, 2013

March to oust Ranil begins today..........


රනිල්ට යන්න කියන පා ගමන අද ඇරැඹේ


A march organised to demand the ouster of Ranil Wickremesinghe as UNP leader will commence at 9.00 a.m. from Devinuwara today.

The protest will proceed tomorrow to Weligama, Monday to Galle, Tuesday to Hikkaduwa, Wednesday to Kosgama, Thursday to Katukurunda and Friday 11 to Moratuwa and then conclude in Colombo on Saturday.

The march will focus on themes such as ‘Enough of Defeats’, ‘The country needs a strong opposition’, ‘New leadership for the UNP’. It will comprise elephants, horses and vehicles according to one of its organisers, Southern Provincial Councilor, Maitree Gunaratne.
එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්‌විය යුතු බවට බල කෙරෙමින් කොළඹ දක්‌වා පැමිණෙන පා ගමන (05 වැනිදා) පෙරවරු 09 දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටින් ආරම්භ වනු ඇත.

"පැරදුනා ඇති", "රටට ශක්‌තිමත් විපක්‍ෂයක්‌", "එජපායට නව නායකත්වයක්‌", ආදී විවිධ තේමා පාඨ සමඟින් ඇත්, අස්‌, රිය, පාබල වශයෙන් මෙම පා ගමන කොළඹ දක්‌වා පැමිණෙන බව එහි සංවිධායකවරයකු වන දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.

අද දෙවුන්දරින් ආරම්භ වන මෙම විරෝධතා පා ගමන හෙට (06 දා) වැලිගම සිටද 07දා ගාල්ල සිටද, 08 දා හික්‌කඩුව සිටද, 09 දා කොස්‌ගම සිටද, 10 දා කටුකුරුන්ද සිටද 11 දා මොරටුව සිටද ආරම්භ කිරීමට නියමිතය.



No comments: