Friday, October 4, 2013

Kapukotuwa resigns....


එජාප භාණ්‌ඩාගාරික ඉල්ලා අස්වේ !
 
United National Party (UNP) Treasurer Senarath Kapukotuwa resigned from his post today in order to pave the way for party reforms.

Mr. Kapukotuwa told Daily Mirror that he handed over the resignation letter to party leader Ranil Wickremesinghe today morning.

"I decided to resign from the post to clear the way for effective reforms of the party,” he said. Asked whether the party leader accepted the resignation, he said he is not aware whether it had been accepted or not but hoped that it will be accepted.

“I have done the same in 2004 when I was the general Secretary of the party at that time and I have done the same this time as well for the betterment of the party,” he added.

Meanwhile the United National Party (UNP) national organiser Daya Gamage had informed party leader Ranil Wickremesinghe that he was willing to resign from his post if a suitable replacement was found. 

එක්‌සත් ජාතික පක්‍ෂයේ භාණ්‌ඩාගාරික සෙනරත් කපුකොටුව මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇතැයි වාර්තාවේ. එජාප ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ මහ ලේකම්, සභාපති හා භාණ්ඩාගාරික පත්කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි.

තමාගේ පෞද්ගලික රාජකාරි කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කල යුතු බැවින්, තමා වෙනුවට වෙනත් අයෙක් භාණ්ඩාගාරික ධුරයට පත්කර ගන්නැයි සෙනරත් කපුකොටුව මහතා, එජාප නායකයාගෙන් පසුගිය කාලයේ කිහිප අවස්ථාවකම ඉල්ලා ඇත.

මේ අතර, 'දිවයින' පුවත්පත අද (04) වාර්තාකර ඇත්තේ, ඉහළ තනතුරු හොබවන ප්‍රධානීන් රැසක්‌ පක්‌ෂයේම සිටිමින්, ඔවුන් හෙබවූ තනතුරුවලින් පමණක්‌ ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බවයි.

එසේ, ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත්තේ, ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩ සැලසීමට බව එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය මෙහෙයවීම සඳහා පත් කිරීමට යෝජිත උපදේශක මණ්‌ඩලයට නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කර නැත.

උපදේශක මණ්‌ඩලයේ කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්‌වාධීනව සිදුකිරීමට ඉඩ සලසා දීම මෙහි අරමුණ බව එ.ජා.ප. ආරංචිමාර්ග පවසයි.

පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යනු ලබන සියලු තීන්දු තීරණ කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම උපදේශක මණ්‌ඩලය මගින් ගැනීමට නියමිතය.



No comments: