ජාතික
ළමා රක්ෂක අධිකාරියට ලැබුණ තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ බළන්ගොඩ පොලීසිය
සිද්ධිය විමර්ශනය කර තිබේ. ඉකුත් 04 වැනිදා සිද්ධියට සැක පිට දෙදෙනෙක්
අත්අඩංගුවට ගෙන 05 වැනිදා බළන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ගියවසරේ
මුල් භාගයේ විවාහකයෙක් සමග පැවති ලිංගික ඇසුරකින් පසු විවාහක හා අවිවාහක
පිරිමි 04 ක් අවස්ථා කීපයකදී වරින්වර ලිංගික සම්බන්ධතා පවත්වා ඇතිබව
දැරියගේ ප්‍රකාශ ඇසුරෙන් අනාවරණය වී ඇතිබව පොලීසිය පවසයි. දැරියගේ මව
දියණියගේ ශාරීරික වෙනස දැක ප්‍රශ්ණ කර ඇති අතර ඇය පෞද්ගලික වෛද්‍යවරයෙක්
වෙත යෙමුකර තිබේ. එහිදී අනාවරණයවී ඇත්තේ දැරිය සිව්මස් ගැබිණියකව ඇති බවයි.
එතෙක් මව හා දැරිය, ගැබිණියකව වී ඇතිබව නොදැන සිටි බව ද කියයි. ඉන් පසුවද
පොලිසියට හෝ වෙනත් අදාල තැනක මේ පිළිබඳව පැමිණිල්ලක් කර නොමැති බවත්
පොලීසිය පවසයි. සිද්ධියට සම්බන්ධයැයි කියන නම් හඳුණා ගත් තවත් සැකකරුවන්
තිදෙනෙක් පොලීසියමගහරිමින් සිටිති. මේවනවිට වෛද්‍ය පරීක්ෂණ කිරීමට දැරිය
බළන්ගොඩ මූළික රෝහළට ඇතුළත් කර ඇත.
No comments:
Post a Comment