කලා වලින් දේවි බාලිකාව පෙරට
2012 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව කලා, වාණිජ සහ තොරතුරු තාක්ෂණය යන විෂයන්ගෙන් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උපේක්ෂා සෙව්වන්දි ,ශේෂානි ගුණතිලක සහ සඳමාලි ලියනගේ යන තිදෙනා පිළිවෙලින් ඉහළම ලකුණු ලබාගනිමින් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ඊයේ නිකුත් කළ අතර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළින් ප්‍රථිපල ලබාගත හැක.මෙවර විභාගයෙන් ගණිතය සහ ජීව විද්‍යා යන අංශ දෙකෙන්ම දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනාගත්තේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් වන අතර ගණිත අංශයෙන් රුසිරු රංගික සිසුවා ප‍්‍රථම ස්ථානය දිනාගනිද්දී ජීව විද්‍යා අංශයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගත්තේ එම විද්‍යාලයේම ඉගෙනුම ලබන කසුන් ලක්මාල් සිසුවාය.
No comments:
Post a Comment