හිටපු ඇමති පෙස්ටස් පෙරේරා මියයයි
හිටපු
අමාත්‍ය වරයෙකු ,මංත්‍රීවරයෙකු මෙන්ම පුත්තලම ජනතා නියෝජිතයෙකු වූ පෙස්ටස්
පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යනවිට 82 හැවිරිදි වියේ පසු වූ ඒ
මහතා අවසන් කාලයේ රෝගාතුරව නවලෝක රෝහලේ ප්‍රථිකාර ලබා ඇත. එක්සත්
ජාතික පක්‍ෂයේ රජයේ ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වූ ඒ මහතා එම රජයේයේ
විවිධ අමාත්‍යාංශ රැසක වගකීම් දරා ඇත. ධීවර, විදුලිබල හා බලශක්ති, රාජ්‍ය
පරිපාලන හා ස්වදේශ කටයුතු වැනි ප්‍රබල අමාත්‍යාංශ රැසක් හෙබවූ ඒ මහතා 2000
වසරේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත් අතර දිගටම එක්සත් ජාතික පක්‍ෂ
කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරනු ලැබීය.
No comments:
Post a Comment