පාරිභෝගිකයා නොමග යවමින් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරම් සොයා වැටලීම් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබී ඇති උපදෙස් මත ක්‍රියා කරමින් අමාත්‍යවරයාගේ නියෝගය මත මේ වන විට අල, ලූනු, කරවල, සහල්, සැමන්, සීනි, ඇතුළු විස සහිත ආහාර තොග වැටලීම් විශාල ප්‍රමාණයක් සිදු කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ මෙරටට සැමන් ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයකුට අයත් එම සැමන් ගොඩගැසූ තොග ගබඩාව පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටා තිබේ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලැබුණු ඔත්තුවක් මත පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් කලුතරආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (16) උදේ වැටලීම සිදු කර තිබේ.
එසේ හානියට පත් සැමන් ටින් සත්ත්ව ආහාරවලට පමණක් විකිණීමට අවසර ඇතත් වසර ගණනාවක් තිස්සේ ඒවා පාරිභෝගිකයන් අතට පත්ව තිබේ.
මෙම ගබඩාවට මේ වන විට සීල් තබා ඇත. එය පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයාට එරෙහිව පාරිභෝගික අධිකාරිය අද (17) අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
No comments:
Post a Comment