කරාපිටිය රෝහල අපවිත්‍ර වෙලා
ගාල්ල,
කරාපිටිය ශික්ෂණ රෝහලේ පවිත්‍රතා සේවයේ සෙවක සේවිකාවන් පසුගිය 11 දා සිට
අද (13) දක්වා පුරා දින තුනක් තිස්සේ සේවාවන් වලින් ඉවත් වීම නිසා
පවිත්‍රතා කටයුතු ඇන හිට තිබෙන අතර රෝහල් තුළ කුණු කසල වලින්
අපවිත්‍රතාවයෙන් බරපතල සෞඛ්‍ය ගැටළු තත්වයක් උදාවි ඇති බව රෝහල් ආරංචි
මාර්ග සඳහන් කරයි. ගැටළුවකින් තොරව ක්‍රියාත්මක වූ රෝහල් පවිත්‍රතා සේවයේ
කොන්ත්‍රාත්තුව වෙනුවට සේවක වැටුප් නොගෙවූ සහ අර්ථසාධක පැහැර හැරීම්
චෝදනාවන්ට ලක්ව හිටපු කොන්ත්‍රාත්කරුවෙකුට නැවත සේවව ලබා දීම නිසා ඊට
අප්‍රසාදය පළ කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමෙන් සේවක අර්බුදය හටගෙන
ඇති බව රෝහල් ආර්ංචි මාර්ග පවසති.
No comments:
Post a Comment