සිය රට පැමිණි ඇය නැවතත් පසුගිය වසරේ සැප්තැම්බර් මස26 වැනි දින ඩුබායි බලා ගොස් ඇත. කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින තම හිතවතියක් මගින් ගුවන් ටිකට් පතක් ගෙන්වා ගෙන ඇය පිටත්ව ගොස් ඇත. ඩුබායි රටේ පවත්වාගෙන යන පිරිසිදු කිරීමේ ආයතනයකින් එම ගුවන ටිකට් පත ඇයට ලැබී ඇති බව පැවසේ . ඩුබායි හි අල්කුසායි නගරයේ පිහිටි ජෙන් ෆිෆෙක්ට් ක්ලීනින් සර්විස් නම් ආයතනයේ ඇය සේවය කර ඇති අතර නවාතැන් ගෙන ඇත්තේ සිව් මහල් තට්ටු ගොඩනැගිල්ලක තවත් සේවිකාවක් පිරිසක් සමගය. මිය ගොස් ඇති අනුපමා පසුගිය 25 වැනි දින මෙරට වේලාවෙන් දහවල් 12.00 ට තම සොහොයුරිය වන නයනා සංජීවනීට සහ නැගණියගේ ස්වාමි පුරුෂයාට දුරකථනයෙන් කථා කර ඇත. තම පවුලේ සුව දුක් විමසා සිටි ඇය තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බවත්, හොදින් රාජකාරි කටයුතු සිදු කරණ බවත් ඇය එම අවස්ථාවේදී පවසා ඇත. 26 වැනි දින අනුපමාගේ නැගණියට ඩුබායි හී සේවය කරණ කාන්තාවක් දුරකථනයෙන් කථා කර දන්වා ඇත්තේ අනුපමා සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සිය දිවි නසා ගත් බවකි. නමුත් තම සොහොයුරියට සිය දිවි නසා ගන්නට තරම් හේතුවක් නොතිබුණු බවත්,ඇය සම්බන්ධයෙන් ලැබෙන පරස්පර ආරංචි හේතුවෙන් මෙම මරණය සැක සහිත බවද අනුපමාගේ සොහොයුරිය වන නයනා සංජීවනී කියා සිටින්නීය.
මිය ගොස් ඇති අනුපමාගේ සිරුර දැනට තිබෙන ස්ථානයවත් තමන් නොදන්නා බවත් පවසන ඇයගේ ඥාතීන් මළ සිරුර කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කරයි.
No comments:
Post a Comment