ගම්පොල රජසමය පැවැති ක්‍රි.ව. 1341-1470 කාලයේ හා ඉන් එහා ඉතා වටිනා පුරාවස්‌තු රැසක් අඩංගුව තිබූ මෙම විහාර කෞතුකාගාරයට නිසි ආරක්‍ෂාවක් නොතිබූ හෙයින් මෙහි තිබූ වටිනා පුරාවස්‌තු කීපයක්‌ම වරින් වර අස්‌ථානගත වී තිබේ. මෙහි තිබූ ගම්පොල යුගයට අයත් රන්පතද අතුරුදන්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ගෑස් ලාම්පු උපයෝගි කර ගනිමින් මෙම කෞතුකාගාර ගොඩනැඟිල්ල ප්‍රධාන
මෙම කෞතුක භාණ්‌ඩවල නාම ලේඛනය පුරා විද්‍යාගාරයේ හා බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා සතුව ඇති බව පවසන විහාරාධිපති දන්තුරේ ධම්මානන්ද නාහිමියෝ සොරුන් රැගෙන ගොස් ඇති භාණ්‌ඩවල සැබෑ තොරතුරු පැවසීය නොහැකි බව සඳහන් කරති.
පොලිස් පරීක්‍ෂණ අනුව දැනට මෙහි තිබූ ඕලන්ද යුගයට අයත් පිස්‌තෝලයක්, ඊට අයත් කොපුවක්, වටිනා පාෂාණ ඇල්ලූ අත් පළඳනාවක් හා රජ සමයට අයත් ගිර 2 ක් අඩු බව සොයාගෙන තිබේ.
ශත වර්ෂ ගණනාවක් පැරැණි මෙම කෞතුකාගාරයේ ගොඩනැඟිල්ලේ ජනෙල් දොරවල් කැඩී බිඳී ගොස් ඇති අතර නිසි ආරක්‍ෂාවක්‌ද නොමැතිකම ඉතිරිව ඇති පුරාවස්‌තුවලටද විශාල තර්ජනයක් වී ඇත.
No comments:
Post a Comment