ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක පහසු ඉලක්‌කයක් හඹා ගිය ඔස්‌ටේ්‍රලියානු පිතිකරුවෝ එය පන්දුවාර 42 කුත් පන්දු 5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී රැස් කර ගැනීමට වග බලා ගත්තේය.
ජයග්‍රාහී ඔස්‌ටේ්‍රලියානු පිලේ පළමු කඩුල්ල වූ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල ලකුණු ලබා ගැනීමට ප්‍රථම දවා ගැනීමට සුරංග ලක්‌මාල් සමත්වූ නමුත් එඩ් කෝවන්(36), පිලිප් හියුස්(34), මයිකල් ක්‌ලාක්(29) සහ මයිකල් හසී(නොදැවී 27) වශයෙන් ලකුණු රැස් කිරීම මත තවත් දිනයක් ඉතිරිව තිබියදීම තරගයේ ජයග්‍රහණය තම පිල වෙත ලබාදීමට පිත්තෙන් දායක වූහ.
මයිකල් හසීගේ අවසන් ටෙස්‌ට් තරගය වූ මෙම ටෙස්‌ට් තරගයේදී ජයග්‍රාහී ලකුණු ලබා ගැනීමේ අවස්‌ථාව හසීට ලබාදීමට අනෙක් පිතිකරුවා වූ මිචෙල් ජොන්සන් නිරන්තරයෙන්ම උත්සාහ දැරූ නමුත්, එම අවස්‌ථාව තමා වෙතට ලබා ගැනීමට තරම් ආත්මාර්ථකාමී බවක් හසී නොදැක්‌වීම මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය. හසීගේ සමුගැනීම මෙන්ම ඔස්‌ටේ්‍රලියානු ජයග්‍රහණය භුක්‌ති විඳීම සඳහා ඊයේ දිනයේදී සිඩ්නි ක්‍රීඩාංගණයට 87,000 කට අධික ප්‍රේක්‍ෂකයන් සංඛ්‍යාවක් පැමිණීමද තවත් සිවුශේෂී සිදුවීමක් ලෙස සඳහන් කළ හැක.
ටෙස්‌ට් පිටියෙන් සමුගන්නා විට හසී ටෙස්‌ට් තරග 79 කදී මුලූ ලකුණු 6235 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. වැඩිම ලකුණු ලෙස 195 ක් සටහන් වන හසීගේ ක්‍රිකට් දිවියේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 51.52 ක් වන අතර එයට ටෙස්‌ට් ශතක 19 ක් සහ අ_ධ ශතක 29 ක් ඇතුළත් වේ. තරග 79 ක ටෙස්‌ට් තරග දිවියේදී හසී ජයග්‍රහණ 48 කට දායක වී තිබේ.
කඩුලූ 7 ට ලකුණු 225 ක් වශයෙන් තිබියදී සිව්වැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙවැනි ඉනිම සියලූදෙනා ලකුණු 278 කට සීමා කිරීමට සමත්වූවේය.
ශ්‍රී ලංකා පිල ගොඩ ගැනීම වෙනුවෙන් පසුපෙළින් ධෛර්යවන්ත ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 106 කදී නොදැවී ලකුණු 62 ක් රැස් කර ගත්තේය. ශ්‍රී ලංකා පිලේ නවවැනි කඩුල්ල දැවී යන විටත් ලකුණු පුවරුව ලකුණු 237 ක් වශයෙන් සටහන් වූවත් අවසන් කඩුල්ල වෙනුවෙන් චන්දිමාල් සහ නුවන් ප්‍රදීප් දෙදෙනා ලකුණු 41 ක් රැස් කිරීමට සමත්වූහ. ඉදිරි පෙළ පිතිකරුවකු වුවත් මෙම තරගයේදී චන්දිමාල් පන්දුවට පහර දෙන ලද්දේ අංක 07 ස්‌ථානය වූ බැවින් එහිදී ඔහුට සහය සඳහා පිතිකරුවකු නොමැති වීමද ශ්‍රී ලංකා පිලට සිදුවූ තවත් අවාසියක් ලෙස සඳහන් කළ හැක.
ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිමේදී වරෙක එක් කඩුල්ලක් දැවී ලකුණු 132 ක් වශයෙන් ප්‍රභල තත්ත්වයක පසු වුවත් මැද පෙළ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වූ තිලාන් සමරවීරගෙන්ද සෙසු පිතිකරුවන් වූ ළහිරු තිරිමාන්න සහ ඇන්ජලෝ මැතිව්ස්‌ගෙන් ලැබිය යුතු සහයෝගය නොලැබී යැම ශ්‍රී ලංකාවට ප්‍රභල ලෙසින් පාඩුවක් ගෙන දෙන්නක් වූහ. එල්ල නොකළ යුතුම පහරක් සීමාවෙන් ඉදිරියට පැමිණ එල්ල කිරීම මත සමරවීර ලකුණු නොලබා දැවී ගියේය.
මෙම තරගයේ වීරයා සම්මානය ඉනිම දෙකේදීම කඩුලූ 7 ක් බිඳ හෙලු ජැක්‌සන් බර්ඩ් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා සම්මානය ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක් විසින් හිමිකර ගත්තේය.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගය ලබන 11 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.
No comments:
Post a Comment